Vibakthi Prathya & Prayoga


සිංහල  භාෂාවේ භාවිතා වන විභක්ති ප්‍රත්‍ය සහ ප්‍රයෝග.



ප්‍රථමා විභක්ති ප්‍රත්‍ය

1.ඒක වචන - හරා අරා කෙළෙස් කුළු.
2.බහු වචන - තවසරහු දම් දෙසත්.

කර්ම විභක්ති ප්‍රයෝග

1.අතයන්ත සංයෝගය - වසරක් උගනී.
2.ඉත්තම්භූතාර්ථය - දෙව්දත් මවට මැනවි.
3.විනා ආදී නිපාත සංයෝගය - ඉසිමතුන් විනා මෙගත් කහට නොරිසිද?

කතෘ විභක්ති ප්‍රත්‍ය

ඒක වචන - පියා දුන් අවවාදය පිළිගනිමු.
බහු වචන - මී පල්න ගත් වෙස් රුස්නෙ.

කරණ විභක්ති ප්‍රයෝග

1.උප ලක්ෂරාර්තයහි - පැසුනු හිසින් බුහුමන් ලබව්.
2.හේත්වර්තය - ඉව්සීමෙන් සැන්සීම ලැබේ.
3.යුක්තාර්ථය - ඇය රුවින් සොඳුරුය.
4.නාම විශේෂණ යෝගය - හෙතෙම දැනුමෙන් පොහොසත්ය.
5.ක්‍රියා විශේෂණ යෝගය - දුම්රිය වේගයෙන් දුවයි.

සම්ප්‍රදාන විභක්ති ප්‍රයෝග

1.නිපාත සංයෝගය - රජ සැප පිණිස සටන්  නොකරමි .
2.ප්‍රමාණ යෝගයේ සම්ප්‍රදාන විභක්තිය - දිනකට රුපියල් 100 ක් ප්‍රමාණවත් නොවේ.
3.ක්‍රියා විශේෂණ යෝගය - නිලිය ලස්සනට අඳියි.
4.අනුක්ත කතෘ යෝගය - මට එය නොවැටහේ.
5.අනුක්ත කර්ම යෝගය - ගුරුවරයා පාසලට ආවේය.
6.කර්ණ යෝගය - සීතලට ඇඟ වෙව්ලයි.
7.සම්බන්ධ යෝගය - ගොනාට අං ඇත.
8.අවධි යෝගය - පාසලට දකුණෙන් පන්සලක් පිහිටා ඇත.
9.විශය යෝගය - අපට වඩා ඔහු පොහොසත්ය.
10.භාවකාර්ථ යෝගය - මට හැඬ්නි.

අවධි විභක්ති  ප්‍රයෝග

1.නිර්ධාරණාර්ෂයේහි - සතුන් කෙරෙන් මිනිසා ශ්‍රේෂ්ඨය.
   ( ජාති,ගුණ,ක්‍රියා )

සම්බන්ධ විභක්ති ප්‍රත්‍ය

1.ඒක වචන - තිලොවට ගුරු.
2.බහු වචන - සුරන් හිස.


ආධාර විභක්ති ප්‍රයෝග

1.සමීපාර්ථයෙහි - වදුරන් කෙරෙහි කවර නම් නිසල බවක්ද.
2.කාලාර්ථයෙහි - එකල්හි දඹදිව් තලය දෙව් නුවරක් සෙයින් විසිතුරු වෙයි.

ආලපන විභක්ති ප්‍රත්‍ය

1.ඒක වචන - නාඩා නිදියන්න පුතු.
2.බහු වචන - නියවත්නි තණ වනසා.


ඉහත සදහන් කල ප්‍රත්‍ය සහ ප්‍රයෝගවලට
අමතරව තව බොහෝ උදාහරණ සිංහල භාෂාවේ පවතී.
මෙම ලිපිය විභක්ති පිලිබඳව හදාරන ඔබට බෙහෙවින්
ප්‍රයෝජනවත් වනු ඇත.




පලකිරීම : කේ. කේ. ටී. මධුසංඛ