ඔබ ෆැෂන් කරන්න ආසද ? එහෙනම් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න !

Fashion Sinhala Meaning ( What is Fashion ? )

ඔබ ෆැෂන් කරන අයෙක් නම් ඔබ දැනගත යුතු මූලික කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට මෙම ලිපියෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තෙන්ම ෆැෂන් (fashion) කියන්නේ මොකක්ද කියලා මම ඇහුවොත් සමහරු කියයි ව්විධ වර්ගයේ ඇදුම් අඳින එක තමා ඒකෙ තේරුම කියලා. නමුත් ඒ අදහස වැරදියි.


හරි ! අපි දැන් බලමු ෆැෂන් කියන වචනයේ නියම තෙරුම !

"Fashion is the style or styles that are most popular at given time or period of time."

එනම් ෆැෂන් යනු අදාල කාලයට ඔබින විලාසිතාවන් වේ. එය තවදුරටත් විග්‍රහ කිරීමට ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැක.

1. Style

මේ යටතේ විලාසිතාව කුමන එකක්ද යන්නත්,  එහි ගතිලක්ෂණ මොනවාද යන්නත් සහ එහි අඩංගු ඇගලුම් සහ උපාංග මොනවාද යන්නත් විග්‍රහ කෙරේ.

2. Acceptance

මෙම අදියර යටතේ ඉහත සඳහන් කල නව විලාසිතාව ජනතාව/පාරිභෝගිකයන් මිලදී ගනියිද යන්න සලකා බලයි. විකුනුම් වැඩිකරගැනීම සඳහා fashion shows , visual merchandising, fashion fair, market research, sales promotion වැනි ක්‍රම අනුගමනය කරයි.

3. Timeliness

මෙම අදියර යටතේ ඉහත වෙලෙඳපොලට නිකුත්කල විලාසිතාවල දියුණු කිරීම් කරයි. (Fashion development). මෙම දියුණු කිරීම් පාරිභෝගික අවශ්‍යතාවයට ගැලපෙන පරිදි සිදුකරයි. එමෙන්ම අලුත් විලාසිතා ඊලඟ වසරේ කුමන ආකාරයෙන් නිකුත්කල යුතුද යන්න සලකා බැලේ.

ඕනෑම ෆැෂන් එකක් කාලයත් සමග යල්පැන යයි. මේ නිසා නිෂ්පාදකයා මේ පිලිබඳව බොහෝ සැලකිලිමත්වේ. එනම් fashion cycle එක අනුගමනය කරයි. Fashion cycle එක පහත පරිදි බෙදා වෙන්කර දැක්විය හැක.

1.Introduction Period

මෙය විලාසිතාව හදුන්වාදුන් කාලයයි. එහිදි එම විලාසිතාව ම්ල අධ්ක වන අතර අපේක්ෂිත ආදායම නිෂ්පාදකයාට නොලැබේ.

2.Growth Period

මෙම කාලයේදී විලාසිතාව නව ජනයා/පාරිභෝගිකයන් අතර ජනප්‍රියත්වයට පත්වේ. නිෂ්පාදකයාගේ ආදායම ඉහල යයි.

3.Maturity Period

මෙය උපරීම පාරිභෝගිකයන් ආකර්ෂණය වන කාලයයි. මේ කාලයේදී නිෂ්පාදකයට උපරිම ආදායමක් ලැබේ. එමෙන්ම තරඟකරුවන් මෙම විලාසිතාව කොපිකරයි. එමනිසා විවිධ වෙලෙඳ නාම යටතේ එකම විලාසිතාව වෙලෙඳපොලේ දැකිය හැක.

4.Decline Period

මෙම කාලයේදී විවිධාකාර අලුත් සහ කොපි නිසා ඉහත විලාසිතාව සඳහා පාරිභෝගික ආකර්ෂණය පහල යයි. එවිට නිෂ්පාදකයාගේ ආදායම සෙමෙන් අඩුවේ.

5.Rejection

ඉහත පාරිභෝගික ආකර්ෂණය අඩුවු විලාසිතාව තවදුරටත් පාරිභෝගිකයා ප්‍රතික්ෂේප කරයි. එවිට මිල අඩුකිරීම් දැකිය හැකිය. අවසානයේදී නිෂ්පාදකයා එම විලාසිතාව නිෂ්පාදනය කිරීම නවතා දමයි.

නව විලාසිතාවන් ම්ලදී ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුනු මොනවාද ?

1. Care Label වල ඇති විස්තර

එනම් සමහර ඇඟලුම් වල ironing conditions එනම් රෙදි මැදීමේදී බාවිතාවන උෂ්ණත්ව පරාසය, washing conditions එනම් ඇඟලුම සේදිය යුත්තේ කුමන ආකාරයෙන්ද සහ අනෙකුත් විස්තර.

2. Brand Name

වෙලෙඳ නාමය සහ ඔවුන්ගේ අනෙකුත් තොරතුරු. මෙය වෙලෙඳ නාම කිහිපයක් සමග සංසන්දනය කල යුතුය.

3. Raw materials

එනම් ෆැබ්‍ර්ක් එක/ විලාසිතාව නිෂ්පාදනය සාදා ඇති අමුද්‍රව්‍ය පිලිබඳ විස්තර සහ ඒවා ඍතු වලට ගැලපේද යන්න.

උදාහරණ : cotton 65% polyester 35%

4. Quality Testing & Standards

එනම් තත්ව සහතිකයක් තිබේද යන්න සහ අනෙකුත් තත්ත්ව පාලන තොරතුරු.

උදාහරණ : echotex 100, ISO, ASTM standards

5. Fit on details

එනම් ඇඟලුම තම සිරුරට fit වෙනවාද යන්න ( fit ද loose ද යන්න ) බැලිය යුතුය.

6. Colour and design

මෙහිදී විලාසිතා වර්ණය සහ විලාසිතා ස්වරූපය තම සිරුරට ගැලපේද යන්න බැලිය යුතුය.

7. Price

ඉහත සඳහන් කරුණු වලට අමතරව විලාසිතාවේ/ඇඟලුමේ ම්ල ගැලපේද යන්නත් සලකා බැලිය යුතුය.


තවත් තොරතුරු ලබා ගැනීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න !