Basic Electronic Science in Sinhala
Basic Electronic Science in Sinhala
මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව
Mulika ilecronica vidyava
ව්දුලි ධාරාව ඉලෙක්ට්‍රොනික උපාංග සහ පරිපථ භාවිතයෙන් පාලනය කර ප්‍රයෝජනයට ගැනීම මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී සිදුවේ. මේ සඳහා භාවිතාවන මූලික ඉලෙක්ට්‍රොනික උපාංග කිහිපයකි.
1. ධාරිත්‍රක ( Capasitors )
මෙම ඉලෙක්ට්‍රොනික උපාංගය ව්ද්‍යුත් ආරෝපණ තාවකාලිකව ගබඩා කරගනියි. මේවා බොහෝවිට ව්ද්‍යුත් ආරෝපක සහ සුමටන ( Smoothing Capasitors ) ලෙස යොදාගනියි. ධාරිත්‍රක අගයන් ෆැරඩ් වලින් දකවා ඇත.
උදාහරණ : 100 uF 5v
2. ප්‍රතිරෝධක ( Resistors )
මෙම උපාංගය ඉලෙක්ට්‍රොනික බාධාකයක් ලෙස ක්‍රියාකරයි. මේවා බොහෝවිට විහව අන්තරය අඩුකිරීමට හා විභවය සහ ධාරාව බෙදීම් කටයුතු සඳහා භාවිතා කරයි. ප්‍රතිරෝධක අගය ඕම් වලින් මනිනු ලැබේ.
උදාහරණ : 100
3. ආලෝක සංවේදී ප්‍රතිරෝධක ( L.D.R )
මෙම උපාංගය සමාන්‍ය ප්‍රතිරෝධක වල දියුණු කල තත්ත්වයකි. මෙය අදුරේදී ඉතාමත් ඉහළ ප්‍රතිරෝධකයකින් ක්‍රියාකරයි. නමුත් උපාංගය මතට ආලෝකය පතිතවූ විට එම ඉහළ ප්‍රතිරෝධය අහෝසිවී සාමාන්‍ය ව්ද්‍යුත් සන්නායකයක් ලෙස ක්‍රියාකරයි. මෙය electronic sensor එකක් ලෙස පරිපථ වල යොදාගනියි.
උදාහරණ : L.D.R ORP-12
4. ඩයෝඩය ( Diode )
මෙම උපාංගය තුලින් ව්ද්‍යුත් ධාරාව ගමන් කරන්නේ එක් දිශාවකට පමණි එමනිසා (+) සහ (-) ලෙස අග්‍ර දෙකක් පවතී. එනම් අග්‍ර වැරදි ලෙස පරිපථයට සම්බන්ධ කලහොත් ව්ද්‍යුතය ඩයෝඩය හරහා ගමන් නොකරයි.
උදාහරණ : 1N4001
5. සෙනාර් ඩයෝඩ ( Zenar diode )
මෙම උපාංගයද ඉහත ආකාරයේම ඩයෝඩයකි. නමුත් බොහොව්ට අග්‍ර මාරුකර පරිපථයට සවිකරයි. මෙම ඩයෝඩයේ සඳහන්කර ඇති වෝල්ටීයතාවයට වඩා ලැබෙන වෝල්ටීයතාව වැඩිවූවිට එක්වරම ඩයෝඩීයතාවය අහෝසිවී ගොස් සාමාන්‍ය ව්ද්‍යුත් සන්නායකයක් බවට පත්වේ.
6. ආලෝක වීමෝකචක ඩයෝඩය
මෙයද ඩයෝඩයකි නමුත් මෙය තුලින් ධාරාව ගමන්කරන විට ආලෝකය ව්මෝචනයවේ. එමනිසා මේවා indicators ලෙස හා සැරසිලි ලෙස බහුලව භාවිතයට ගැනේ. ව්ව්ධ වර්ණ වලින් වෙළෙඳපොළෙන් ලබාගත හැකිය. එමෙන්ම L.E.D එකක තරමක් දිහින් වැඩි අග්‍රය (+) ලෙසත් දිගින් අඩු අග්‍රය (-) ලෙසත් හඳුනාගත හැකිය.
7. ආලෝක සංවේදී ඩයෝඩ ( L.S.D )
මෙයද ඩයෝඩයක් වන අතර ආලෝක අනුව ඩයෝඩීයතාවය වෙනස්වේ. බහුලව electronic sensor එකක් ලෙස පරිපථවල යොදාගනියි.
8. ද්වී ධ්‍රැවීය ට්‍රාන්සිස්ටර
මෙම ට්‍රාන්සිස්ටර npn සහ pnp වර්ග දෙකකි. මේවායේ අග්‍ර තුනක් දක්නට ලැබේ.
E- එමීටර්
B- බේස්
C- කලෙක්ටර්
මෙම ද්වී ධ්‍රැවීය ට්‍රාන්සිස්ටර බොහෝවිට ඉලෙක්ට්‍රොනික ස්වීච සහ ව්ද්‍යුත් ධාරා වර්ධක ලෙස භාවිතාවේ.
9. සංකලිත පරිපථ ( IC )
මේවා ඉහත සඳහන් කල උපාංග කිහිපයක එකතුවකින් සමන්විත තනි උපාංගයකි. සමහර IC වල උපාංග ම්ලියන ගනනක් ඇති පරිපථ සහ ඒකක අන්තර්ගතව ඇත.
උදාහරණ : IC741