ඩයලොග් කූල් ක්ලබ් සේවාව ඉවත්කර ගන්නා ක්‍රම

Deactivate Dialog Cool Club Service !
මේවා  International Services වන අතර ඉවත්කිරීමට තරමක් අපහසුය. උදාහරණ ලෙස Cool Club සහ Hungama සේවාවන් හදුන්වාදිය හැකිය. බොහෝ විට මෙම සේවාවන් Activate හෙවත් සක්‍රීය වන්නේ ඔබගේ නොසැලකිලිමත් කම නිසාය. එනම් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති හෝ අනෙකුත් මෙහෙයුම් පද්ධති සහිත ස්මාර්ට් ෆෝන් හෝ ටැබ් හරහා අන්තර්ජාලයේ සැරිසරන විට Side adds ක්ලික් වීම නිසා බොහෝ විට මෙම සේවාවන් සක්‍රීය වේ. එවිට ඔබගේ දුරකථනයේ ගිණුමෙන් දිනපතා යම් මුදලක් වැයවේ. එවිට ඔබ එම සේවාව සඳහා නොදැනුවත්ව ගෙවීම් කර ඇතිබව පෙනේ. මෙම මුදල් වැයවීම නැවැත්වීමට නම් එම සේවාවන් deactivate කලයුතුය. ඒ සඳහා පහත ක්‍රම අනුගමනය කලහැකිය.



01. #147# හෝ ඩයලොග් selfcare app එක භාවිතා කරමින්.

02. dz.dialog.lk/coolclub වෙත පිවිස about service > unsubscribe

03. 1777 අමතා පාරිභෝගික සේවා නිලධාරියෙකු හරහා ( මෙය ඉහත ක්‍රම දෙකටම වඩා සාර්ථක ක්‍රමයකි. )

ඔබට තවත් තොරතුරු අවශ්‍යනම් මෙම ලින්ක් එක ක්ලික් කරන්න !