මුත්‍රා සහ වකුගඩුවල ගල් සඳහා ස්වභාවික ප්‍රතිකාර ක්‍රම

Natural treatments for kidney stone & bladder stone

මුත්‍රා ගල් බටහිර වෛද්‍ය විද්‍යාවේ kidney stone සහ bladder stone යන නම් වලින් හදුන්වයි. මේවා වකුගඩු වල කැල්සියම් සහ අනෙකුත් අයන සාන්ද්‍රණය වැඩිවූවිට ස්ඵටික ලෙස නිර්මාණය වේ. මේවා සමහර අවස්ථාවලදී වකුගඩුවේ සිට මුත්‍රාශය වෙත ගමන් කරයි. එවිට ප්‍රමාණයෙන් විශාල ස්ඵටික මුත්‍රා ප්‍රාණල හෙවත් මුත්‍රාශය සහ වකුගඩු සම්බන්ධ වන නාල තුළ සිරවීම සිදුවේ එවිට උදරයේ වම් පැත්තට වන්නට අධික වේදනාවක් හටගනී. රෝගියා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වේදනා නාශක ඖෂධ වෛද්‍යවරයා විසින් ලබා දෙනු ලැබේ. නමුත් එක්වරක් මුත්‍රා ගල් ඇතිවූ අයෙකුට නැවත ගල් ඇතිවීමේ ප්‍රවණතාවය 50% කින් පමණ වැඩිය. මේ නිසා නැවත ගල් ඇතිවීම කලින් වලකාලීමට කටයුතුකල යුතුය. මේ සඳහා පහත   සඳහන් ස්වභාවික ඖෂධ ආහාර සඳහා එකතු කරගැනීම වැදගත්ය.


01. අක්කපාන පත්‍ර

අක්කපාන පත්‍ර තම්බා පානය කිරීමෙන් සහ අක්කපාන පත්‍ර සලාදයට හෝ මැල්ලුමක් සාදා අනුභවයෙන් මුත්‍රා සහ වකුගඩු ගල් සහමුලින් දියකර දැමීමට හැකිය.


02. කටු අනෝදා

හොඳින් ඉදුණු කටු අනෝදා ගෙඩි දිනපතා ආහාරයට ගැනීම මගින් මාසයකට අඩු කාලයක් තුළ ඉහළ ප්‍රතිඵල ලබාගත හැකිය.


මෙම ක්‍රම වලින් සිදුවවන්නේ තවදුරටත් වකුගඩුවල සහ මුත්‍රාශය ආශ්‍රිතව ඇති කැල්සියම් ස්ඵටික දියකර මුත්‍රා සමඟ පිටකිරීමයි.