Fake Micro SD Cards හඳුනාගන්නා ක්‍රම

Fake SD card ekak hadunaganne kohomada ?

How to identify fake micro SD cards

මෙය ස්මාර්ට් ෆෝන් භාවිතා කරන බොහෝ දෙනෙකුට ඇතිවන ගැටළුවකි. එයට හේතුන් රාශියකි. ඩේටා නිසියාකාරව කොපි නොවීම, ඩේටා ලොස්ට් වීම, ෆයිල් ඩැමේජ් වීම , නිතර ෆෝමැට් කිරීමට සිදුවීම , එකවර කැපෑසිටි අඩුවීම වැනි දේ  උදාහරණ ලෙස දැක්විය හැකිය. බැලූ බැල්මට මෙම SD කාඩ්ස් fake ඒවා ලෙස හදුනාගත නොහැක. එයට හේතුව ඒවා මෘදුකාංග භාවිතයෙන් වැඩි කැපෑසිටි පෙන්වීමට ෆ්ලෑෂ් කර ඇත. උදාහරණයක් ලෙස 8GB SD කාඩ් එකක් 32 GB ලෙස පෙන්විය හැක. මෙම ව්‍යාජ SD කාඩ් පහත ක්‍රම භාවිතයෙන් හදුනාගත හැක.


1. Full data copy method  

SD කාඩ් එක reader එකක් භාවිතයෙන් පරිඝණකයකට USB හරහා සම්බන්ධ කරන්න. ඉන්පසු එම Drive එකට Free Spaces නැතිවන තුරු file කොපි කරන්න. මෙහිදී SD Card එක ව්‍යාජ එකක් නම් file කොපි කිරීමේදී Error messages හෝ data කොපි වීමට අවශ්‍ය Space එක එක්වරම ඉතා සීඝ්‍රයෙන් අඩුවීම දැකිය හැක. එමෙන්ම file කොපි කිරීමෙන් පසුව එම files නැවත read කිරීම හෝ SD Card එකේ සිට නැවත Hard Disk එක වෙත නැවත file කොපි  කලයුතුය. මෙම ක්‍රියාවලියේදී කිසිදු ඇණහිටීමක් හෝ බාධාවක් සිදුනොවූයේ නම් ඔබේ SD Card එක    Original  සහ Branded එකක් ලෙස සැලකිය හැක. එමෙන්ම එය ඉහළ ක්‍රියාකාරිත්වයකින් සමන්විතයි. එසේ ඉහත ක්‍රියාවලියේ යම් දෝශයක් වූයේ නම් නැවත එම Test එක කරන්න. එවිටද එම දෝශය මතුවූයේ නම් SD Card එක ව්‍යාජ එකකි.

2. Using Tester Software

SD Card Tester වැනි මෘදුකාංගකයක් භාවිතා කරමින් සහ එහි ප්‍රතිඵල භාවිතයෙන් ව්‍යාජ SD Card එකක් පහසුවෙන් හදුනාගත හැකිය. එවැනි මෘදුකාංග කිහිපයක ලින්ක් පහත දක්වා ඇත.



එමෙන්ම ඉහත දැක්වූ කරුණුවලට අමතරව Micro SD Card එකක් මිලදී ගැනීමට පෙර වෙළෙඳ නාමය, පිටුපස ඇති Serial Number එක සහ වගකීම් සහතිකය පිලිබඳව සැලකිලිමත් විය යුතුය.