කිලෝවොට් පැය

 Kilowatt Peya

මෙය ශක්තිය මැනීමේ ඒකකයක් ලෙස යොදාගනියි. එනම් විදුලිය පරිභෝජනයේදී වැයවන ශක්ති ප්‍රමාණය මනිනු ලැබේ. එමගින් විදුලි බිල ගණනය කරනු ලැබේ.

ඒකකය : kWh

එනම් පැයකදී වැයවන කීලෝවොට් ප්‍රමාණය මෙමඟින් නිර්ණය කරනු ලැබේ. කිලෝ වොට් පැය ගණනය කිරීමට පහත සමීකරණය යොදාගත හැකිය.

kWh = (වොට් /1000) * පැය ගණන

ඉහත සමීකරණය භාවිතයෙන් පහත සඳහන් ගැටළුව විසදීමට උත්සාහ කරන්න !

200w බල්බයක් දිනකට පැය 02 බැගින් දින 30 ක් දල්වයි. එහිදි වැයවන ශක්තිය kWh වලින් සොයන්න ?