Samaja sammuthiwadaya

සමාජ සම්මුතිවාදී න්‍යාය

රාජ්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ න්‍යායන් අතරින් සමාජ සම්මුති වාදී න්‍යායට විශේෂ වැදගත්කමක් හිමිවේ. ඊට හේතුව නම් එය එතෙක් පැවති දේවවරම් වාදයට සාපේක්ෂව තර්කානුකූල පදනමක් ඇති න්‍යායක් වීමත් එමෙන්ම සමාජ සම්මුති වාදය පසුකාලීනව ගොඩනැගෙන බොහෝ න්‍යායන් වල මූලාරම්භය වීමත් නිසාය. සමාජ සම්මුතිවාදය දේශපාලන න්‍යායන් ලෙස පැනනඟින්නේ 17-18 වැනි ශත වර්ෂ වල යුරෝපයේ ඇතිවූ ප්‍රධාන දේශපාලන සංසිද්ධි දෙකක් පදනම් කරගෙනය. එනම් එංගලන්ත විප්ලවය සහ ප්‍රංශ විප්ලවයයි. මෙම විප්ලව දෙකම ඇතිවුයේ සර්ව බලධාරී අසාහය රජ්‍යත්වයට එරෙහිව ජනතවගේ නැගී සිටීමක් ලෙසය. ඒනිසා මෙම විප්ලව දෙක තුලින් දෙශපාලන මතවාදයන් පැනනැගුණි. එංගලන්ත විප්ලවයේදී රාජාන්ඩු වාදයේ න්‍යාය වාදියා වූයේ තොමස් හොබ්ස් ය. රාජාන්ඩු වාදයට එරෙහිව නැගීසිටි සමූහාණ්ඩු වාදී  න්‍යාය වාදියා වූයේ ජෝන් ලොක්‍ ය. එමෙන්ම ප්‍රංශ විප්ලවයේ රාජාණ්ඩු වාදයට එරෙහිව ගොඩනැගුණ බලවේගයේ න්‍යාය වාදියා වූයේ ජීන් ජැක්වීන් රූසෝ ය. එකිනෙකට වෙනස් අරමුණු තුනක් ඉටුකර ගැනීම සඳහා මෙම දාර්ශනිකයන් තිදෙනා එකම න්‍යයක ආකෘතියක් ප්‍රයෝජනයට ගනු ලැබීය. එනම්  සමාජ සම්මුතිය පිළිබඳ අදහසයි.


මෙ අනුව මිනිස් ඉතිහාසයේ එක්තරා යුගයකදී ප්‍රකෘති තත්ත්වයේ පසුවූ මිනිසුන් සම්මුතියකට පැමිණ සිවිල් තත්ත්වයකට පිහිටුවා ගත්තේ යැයි ප්‍රකාශ කරයි. මෙම ආකෘතිය න්‍යායවාදීන් තිදෙනා විසින් එකිනෙකාගේ අරමුණු සපුරාගත හැකිවන ආකාරයට අර්ථ දක්වා ඇත. න්‍යාය වාදියා අපේක්ෂා කරන සිවිල් තත්වය සාධරණීකරණය කරගත හැකිවන ආකාරයට ප්‍රකෘති යුගය අර්ථ දක්වා තිබේ.