Sthri vadaya

ස්ත්‍රී වාදය
Feminism
ස්ත්‍රී වාදය දේශපාලන සමාජ දර්ශනයක් ලෙස පැන නඟින්නේ දහනවවෙනි ශතවර්ෂය තුළදීය. නමුත් ස්ත්‍රීවාදයේ පැන නැගීමේ ඉතිහාසය මානව ශිෂ්ඨාචාරයේ ආදීතම යුගය දක්වා ඈතට ඇදී යයි. පුරුෂාධිපති වාදය ආරම්භ වූ දා සිටම ස්ත්‍රීවාදය පැන නැගෙන්නට ඇතැයි විස්වාස කෙරේ. නමුත් එය දේශපාලන හා සමාජ දර්ශනයක් ලෙස පැනනඟින්නේ දහනවවෙනි ශත වර්ෂයේ යුරෝපා ස්ත්‍රීවාදීන් තුලින් ය. යුරෝපා සමාජය තුළ ස්ත්‍රී වාදී සංකල්පමය ප්‍රවණතාවය ආරම්භක වූයේ ප්‍රංශ විප්ලවය තුලින් ( 1789 ) යැයි කියවේ. ඊට හේතුව යුරෝපා සමාජ වල දේශපාලන හා සමාජ දෘෂ්ටිය දැවැන්ත පරිවර්තනයක් ඇති කිරීමට මඟ සලකනු ලැබුවේ ප්‍රංශ විප්ලවය විසින් වීමයි. ප්‍රංශ විප්ලවය ආරම්භ වූයේ සාගින්නේ පාන් සොයා ඇවිද ගිය කාන්තාවන් ප්‍රකෝපකාරී වී රජ මාලිගාවට කඩාවැදී රජු අත්අඩංගුවට ගෙන පැරිස් නුවර දක්වා ගෙන ගිය පෙළපාලියෙනි.