සමාජ විද්‍යාව හා එහි විකාශනය
සමාජ විද්‍යාව කියලා කියන්නෙ එක් පුළුල් විශය පථයක් ඒකියන්නේ සමාජ ගැටලු , සමාජ සංස්ථා හා ඒවායේ ගතිකත්වය සහ අනෙකුත් සමාජීය කරුණු පිළිබඳව හැදෑරීම මෙම විශය පථය තුළ දී සිදු වේ. සමාජ පථය පිළිබඳව මුලින්ම සොයා බලන ලද්දේ ප්‍රංශ ජාතික ගවේෂකයකු වු සෙන්සිමෝන් නැමැත්තා විසිනි. පසු කලෙක ඔහුගේ ගෝලයෙකු වූ ඔගස්ට් කොම්ටේ විසින් නව විශය පථයක් ලෙස සමාජ විද්‍යාව හදුන්වනවා දෙන ලදී. නමුත් ඔහු එය හදුන්වනු ලැබුවේ සමාජ භෞතිකය ලෙසය. තවදුරටත් එය සමාජ ස්ථිතිකය සහ සමාජ ගතිකය ලෙස තවදුරටත් විශ්ලේෂණය කරන ලදී. පසු කලෙක විවිධ විද්‍යාවේදීන් එම විශය පථය වැඩි දියුණු කරන ලදී. ඩේවිඩ් එමිල් ඩර්කයිම්, ෆර්ඩිනන් ටෝනිස්, මැක්ස් වෙබර්, කාල් මාර්ක්ස් වැන්නන් හා ඔවුන්ගේ සමාජ් සංස්කෘතික විශ්ලේෂණයන් උදාහරණ ලෙස දැක්විය හැකිය. ඔබ විසින් වර්තමානයේ උසස් පෙල හෝ කාලා උපාධිය යටතේ සමාජ විද්‍යාව ලෙස අධ්‍යයනය කරනු ලබන්නේ එම විශය ධාරාවයි.
Topic : Samaja vidyava saha ehi vikashanaya, samaja vidya ithihasaya
Sociology Tutorials: History of Sociology, History of Social Problems
Topic : Samaja vidyava saha ehi vikashanaya, samaja vidya ithihasaya
Sociology Tutorials: History of Sociology, History of Social Problems