මල් පැල පහසුවෙන් මුල් ඇද්දවීමේ හෝමෝන

අද අපි ගෙවතු වගාව විශේෂාංගය තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මල් වවන අයට බහුලව මුහුණපෑමට සිදුවන තවත් එක් ගැටළුවක් සහ එම ගැටළුවට විසඳුම් පිළිබඳවයි. ඒ තමයි සමහර මල් අතු කොයි විදියට පසේ හිටෙව්වත් මුල් ඇදීම සිදුවෙන්නෙ නැහැ. ඒ වගේම මුල් අද්දවා ගන්න හරිම අමාරුයි. උදාහරණයක් ලෙස බොහෝවිට රෝස අතු මුල් අදින්න ගොඩක් කාලයක් ගන්නවා. සමහරවිට ඒවා පැලවෙන්නෙත් නැහැ. එයට විසඳුමක් ලෙස රූටින් හෝර්මෝන භාවිතය සිදුකල හැකියි. 



රූටින් හෝර්මෝන ප්‍රධාන වර්ග දෙකක් වෙලෙඳපොලෙන් ලබාගත හැක. එනම් පවුඩර් සහ ජෙල් විදිහට, විවිධ වෙලෙඳ නාම වලින් ලබාගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ මගෙ දකුණු අතේ තියෙන්නෙ  හෝර්මෝන පවුඩර් එක. ඒ වගේම වම් අතේ තියෙන්නෙ ජෙල් එක. හොඳයි අපි බලමු කොහොමද මේ පවුඩර් එක සහ ජෙල් එක ඇප්ලයි කරන්නෙ කියලා. ඉස්සෙල්ලාම බලමු පවුඩර් එක ඇප්ලයි කරන විදිය. පලමුව හෝර්මෝන අඩංගු කුඩා බෝතලයේ පියන විවෘත කරගෙන ඉන් පසු එහි සීල් කර ඇති ආවරණය සෙමින් ඉවත් කරන්න. පසුව පැල කීරීම සඳහා තෝරාගත් දඬුවල පසට යටකර සිටුවන කොටස මෙම පවුඩර් එක මත ගිල්වා ඉන් පසුව එය පිටතට ගෙන පසට යටකර සිටුවාගත හැක. එමඟින් කෙටි කාල පරාසයක් තුළ එම මල් අතු සහ දඬු කැබලි ප්‍රරෝහනය කරගත හැකිවේ. ඊලඟට අපි බලමු ජෙල් එක කොහොමද ඇප්ලයි කරන්නෙ කියලා. පලමුව ජෙල් එක අඩංගු කුඩා බෝතලයේ පියන විවෘත කර පසුව සීල්කර ඇති ආවරණය සෙමින් විවෘත කරගන්න. මෙහි මම හිතනවා ඔබට පැහැදිලිව බෝතලය තුළ තියෙන ජෙල් එක පේන්නෙ නැහැයි කියලා. ඒක නිසා මම එම ජෙල් එක ග්ලාස් එකකට ගන්නවා. ඊට පසු පැල කිරීමට අවශ්‍ය අතු කැබැල්ලේ දණ්ඩේ පසට යටකර සිටුවන කැපුම් කෙලවර ජෙල් එක තුළ ගිල්වා පසුව එය පිටතට ගෙන ඉන්පසු පසට යටකර සිටුවීම සිදුකල හැකිය. එමඟින් කෙටි කාල පරාසයක් තුළ මුල් අද්දවා ගැනීමට අසීරු සහ මුල් ඇදීම ප්‍රමාදවන මල් අතු පහසුවෙන් මුල් අද්දවාගත හැකියි. අවසානයේ අවශ්‍යනම් සුදුසු දිලීර නාශක ස්ප්‍රේ කිරීම සිදුකල හැකි නමුත් එය මෙහිදී අනිවාර්ය නොවන බව මතක තබාගන්න. පසුව රෝපණය කල මාධ්‍ය රෝපණය වනතුරු ප්‍රොපගේටරයක තබා ගැනීම සිදුකල හැකියි. එමෙන්ම දඬු සහ මල් අතු තෝරා ගැනීමේදී දිග අඟල් 4 - 6 ත් පමණ දඬු කැබලි තෝරා ගන්න. පසුව පසට යටකර සිටුවන කෙලවර අංශක 45 ක් පමණ ඇලයක් සිටින සේ කපාගැනීම ඉතා යෝග්‍යවේ. ඉන්පසු හෝර්මෝන ගැලවීමට පෙර දඬුවල එම කැපුම් කෙලවර ජලයේ ගිල්වා හෝ තෙත රෙදි කඩක ඔතා තැබීම සිදුකර පසුව රෙදිකඩ ඉවත්කර ඉහත හෝර්මෝන ගැල්වීම සිදු කිරීමෙන් ඉහළ ප්‍රතිඵල ලබාගත හැකිය.

Article: Mul Addaweme Hormona
©YouTube.com/GewathuWagawa