වම්බටු වගාව

අද අපි ගෙවතු වගාව තුලින් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ වම්බටු වගාවක් ඔබේ ගෙවත්ත තුළ සාර්ථකව ආරම්භ කරන්නේ කොහොමද කියලා. වම්බටු හෙවත් බ්‍රින්ජල් ශාකය සොලනේසි කුලයට අයත්වේ. 



මෙම බෝගය බීජ මඟින් ප්‍රරෝහනය කලහැක. හොඳින් පරිණතවූ වම්බටු කරල් වලින් බීජ පිටතට ගෙන පැදුරක් වැනි ලේයරයක අතුරා මද සුලඟේ වේලා පසුව අවශ්‍ය වූවිට ප්‍රරෝහනය කල හැක. වම්බටු ශ්‍රීලංකාවේ බොහෝ ප්‍රදේශවල පහසුවෙන් වගාකල හැකිය. එනම් අතරමැදි වියලි කලාපය මැදරට තෙත් කලාපය අතරමැද කලාපය එමෙන්ම උඩරට අතරමැද කලාපය තුලත් වම්බටු ඉතා පහසුවෙන් වගාකල හැකියි. වගා කලහැකි වම්බටු ප්‍රභේද පිළිබඳව සලකා බැලීමේදී එස් එම් 164 තින්නවේලි දම් සහා පාදාගොඩ යන ප්‍රභේද වැදගත් වේ. එස් එම් 164 ප්‍රභේදය බැක්ටීරියා හිටුමැරීම සඳහා ප්‍රතිරෝධී දම් පාටින් යුත් කරල් ලබාදෙන ප්‍රභේදයකි. තින්නවේලි දම් ප්‍රභේදය පිළිබඳව සලකා බැලීමේදී වම්බටු කරල් තද දම්පාට දිලිසෙන ස්වභාවයකින් යුතු තරමක් දිගැටි ඒවායි. පාදාගොඩ ප්‍රභේදය පිළිබඳව සලකා බැලීමේදී එහි කරල් පෙනුම  දම්පාට එහෙත් ඉරි සහිත ස්වභාවයකින් යුක්ත වේ. බීජ රෝපණය කිරීමේදී හෙක්ටයාරයකට යොදන බීජ ප්‍රමාණය ග්‍රෑම් තුන්සීයත් ග්‍රෑම් හාරසීයත් අතර ප්‍රමාණයකි. වම්බටු පැල හෝ බීජ සිටුවීම සඳහා හොඳින් හිරු එලිය ලැබෙන එමෙන්ම තරමක් උස් තවාන් ඉතා සුදුසුයි. වම්බටු වගාව සඳහා පොහොර යොදනප්‍රමාණ වගා පරිසරය මත තීරණය වන අතර බොහෝවිට මුලින් එනම් පැල සිටුවීමට පෙර සකසාගත් සෙන්ටිමීටර් 30 ක් දිග සෙන්ටිමීටර් 30 ක් පලල සෙන්ටිමීටර් 30 ක් ගැඹුරු වලවල් වලට පොහොර ග්‍රෑම් 250 ක් පමණ අතුරා පසුව ඒ මත පස් ලේයරයක් දමා ඒ මත බීජ හෝ පැල සිටුවනු ලැබේ. වම්බටු වගාවේ වල් පැලෑටි පාලනය කිරීමේදී පැල සිටුවා දින පහත් දොලහත් අතර වල් පැලෑටි ඉවත්කිරීම කලයුතුය. වම්බටු පැල සඳහා ඇතිවන ප්‍රධාන රෝගී තත්ත්වය වන්නේ බැක්ටීරියා හිටුමැරීමයි.එනම් මෙම රෝගය ඇතිවූවිට පැල මලානිකවී මියයාම සිදුවන අතර මෙයට ප්‍රධාන හේතුව පසේ ඇති අහිතකර බැක්ටීරියායි. මෙයට විසඳුමක් ලෙස බැක්ටීරියා හිටුමැරීමට ඔරොත්තු දෙන එස් එම් එකසිය හැටහතර වැනි ප්‍රභේදයක් වගාකිරීම සුදුසුයි. එමෙන්ම වම්බටු සඳහා ඊලඟ රෝගය කරටි හා කරල් විදින පණුවාගේ හානියයි. මෙම රෝගය වැලඳුණු පසු වම්බටු කරල් කළු දුඹුරු පැහැයට හුරු පැහැයක් ගන්නා අතර කරල පැලූ පසු පණුවන් බොහෝවිට දක්නට ලැබේ. මෙම රෝගය වගාව තුළ ව්‍යාප්තවීමට පෙර සුදුසු කෘමිනාශකයක් භෝගයට සහා ඵල වලට ස්ප්‍රේ කිරීම සුදුසුයි. නමුත් ඵල නෙලා ගැනීමේදී කෘමිනාශක යොදා අවම වශයෙන් දින දහයකට පසු නෙලාගන්නේනම් සෞඛ්‍යය ආරක්ෂිතයි. එමෙන්ම නරක්වූ කරල් සහා ආසාදනයවූ පත්‍ර වගාවෙන් ඉවත්කර පුළුස්සා දැමීමෙන් රෝග කාරක නැවත නැවත වගාව තුළ ව්‍යාප්ත වීම අවම වී සරු අස්වැන්නක් ලබාගත හැකිය. වම්බටු වගාව ස්වයං රැකියාවක් ලෙස ආරම්භකර අමතර ආදායමක් නිවසේදීම උපයාගත හැකිය. ඉතිං යාලුවනෙ මේ වීඩියෝ එක ඔයාට ප්‍රයොජනවත් උනා කියලා හිතෙනවානම් අපේ ගෙවතු වගාව යූ-ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කලොත් අපේ මීලඟ වීඩියෝ එක අප්ලෝඩ් කරපු ගමන් ඔයාට දැනගන්නත් පුලුවන්.

Article: Wambatu Wagawa
©YouTube.com/GewathuWagawa