රට නෙල්ලි වගාව

අද අපි ගෙවතු වගාව තුලින් කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ සාර්ථක රට නෙල්ලි ඵලදාවක් ලබාගන්නේ කොහොමද කියලයි. හොඳයි අපි බලමු මේ රට නෙල්ලි කියන්නෙ මොන වගේ පලතුරක්ද කියලා. රට නෙල්ලි ශාකයේ විද්‍යාත්මක නාමය phyllanthus acidus නම් වේ. මෙම ශාකයේ ඵලය කහපාටට හුරු වර්ණයක් දරන අතර විටමින් සී සහ ජලය බහුල පලතුරක් ලෙස හඳුන්වාදිය හැකිය. මෙම පලතුර ඇඹුල් රසයකින් යුක්තවේ. මේ නිසා ලුණු සහ මිරිස් කුඩු යොදා අච්චාරු දැමීමට භාවිතා කරයි. එම අච්චාරු නෙල්ලි අච්චාරු ලෙස කුඩා ලමුන් අතර වඩාත් ප්‍රචලිතයි.  එමෙන්ම මෙම පලතුර තැම්බූ පසුව අධික පැනි රසකින් යුක්ත නිසා ජෑම් සෑදීම සඳහා බහුලව යොදාගත හැකිය. එමෙන්ම සමහර රටවල බීම වර්ග සෑදීම සඳහාද යොදා ගනී. රට නෙල්ලි පලතුරක් ලෙස නිතර අනුභව කිරීමෙන් ආහාර මාර්ගයේ අහිතකර බැක්ටීරියා මෙන්ම සිරුරේ පිලිකා  සෛල සහ අහිතකර පටක වර්ධනය වීම අවම කිරීමත් රට නෙල්ලි ඵලයේ ඇති තවත් වාසියකි. එමෙන්ම විටමින් සී බහුල නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහාත් නීරෝගීකම රැකගැනීම සඳහාත් ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන්ම නිතර රට නෙල්ලි අනුභව කරන දරුවෙක් සෙම්රෝග වලට ගොදුරු වීමේ අවදානම ඉතා අඩුය.
 

හොඳයි අපි බලමු රට නෙල්ලි ගහක් කොහොමද ගෙවත්තේ වවන්නෙ කියලා. හොඳින් ඉදුණු ඵලයේ මද්‍යස්ථයේ රටනෙල්ලි බීජය අන්තර්ගතවේ. එය සාමාන්‍ය පස තුළ සිටුවා කෙටි කලකින් නව දුහිතෘ පැලයක් ලබාගත හැක. පැලය සිටුවා වසර තුනක් පමණ ගිය පසු ඉතා ඉහළ අස්වැන්නක් ලබාගත හැකිය. රට නෙල්ලි සඳහා බොහෝවිට පොහොර දැමීම අවශ්‍ය නොවන අතර පැලය මීටර් දෙකක් පමණ උස ගිය පසු නිතර ජලය දැමීමද අවශ්‍ය නොවේ. ශාකය මූලිකව පරිණතවී මල් පිපීම ක්‍රමයෙන් ආරම්භවන අවස්තාවේ පොටෑසියම් අඩංගු පොහොරක් යෙදීම සුදුසුයි. එමඟින් සරු ඵලදාවක් ලබාගත හැකියි.

Article: Rata Nelli Wagawa
©YouTube.com/GewathuWagawa