බෝගන්විලා මල් වගාව

අද අපි ගෙවතු වගාව විශේෂාංගය තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මල් නැති එහෙත් හොඳින් වැඩුණු බෝගන්විලා ශාක වල සාර්ථකව මල් ලබාගන්නෙ කොහොමද කියලා. මේ මාතෘකාව මම කරුණු කිහිපයක් ඔස්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.



හොඳයි අපි බලමු ඒ මොනවගේ දේවල්ද කියලා. ගොඩක් අය මූලිකව කරන වැරැද්දක් තමයි බෝගන්විලා පැල කාලයේ පොටෑසියම් අධික පොහොර දාන එක.

බොහෝ වෙලාවට මෙහෙම දාපුවාම පැලවල මල් ටිකක් එන්න පුළුවන්. ‍ඒත් ඊට පස්සෙ මල් කොටින්ම එන්නෙ නැහැ. ඒකට හේතුව ශාකය මුල් කාලයේදී මූල පද්ධතිය, කඳ සහ පත්‍ර හොඳින් වර්ධනය විය යුතුයි. එම කාලයේ ශාක ප්‍රජනනය, ඒ කියන්නේ පොටෑසියම් අධික විශේෂ පොහොර දානවා කියන්නෙ ශාක වර්ධනය අඩාල වෙලා මල් කිහිපයක් එනවා. ඊට පස්සෙ ශාකය හොඳින් පරිණත නොවී පසු කලෙක පත්‍ර පමණක් වර්ධනය වෙන්න පටන් ගන්නවා. එතකොට මල් කොහොමත් එන්නෙ නැහැ, ආවත් ගහටම එක මලයි දෙකයි. ඒක නිසා ශාකයේ මුල් කාලයේදී ඒ කියන්නෙ පැල කාලයේදී කාබනීක පොහොර, ඒ කියන්නෙ කොම්පෝස්ට් පොහොර වගේ දෙයක් ප්‍රමාණවත්.

ඊලඟ කාරනාව තමයි බෝගන්විලා ශාකයට ජලය යොදද්දි බොහෝ අය මුළු ශාකයම ඒ කියන්නෙ පත්‍ර පොහොට්ටු සියල්ල තෙමෙන්න තමයි ජලය දන්නෙ.

ඒත් ඒක හරිම වැරදි වැඩක්. එතකොට තියෙන පොහොට්ටු නිකම්ම හැලෙනවා. මල් එන්නෙත් නැහැ. ජලය යොදද්දි මුල් ප්‍රදේශයට පමණක් ජලය යෙදීම පරිණත ශාක සඳහා සුදුසුයි. නමුත් මුල් හෑරෙන්න අධික පීඩනයකින් ජලය දාන්න එපා.

ඊලඟ කාරනාව තමයි වැසි කාලයේදී මල් අස්වැන්න අඩු වීම. මේක ස්වභාවික දෙයක්. මෙහිදී වැසි ජලයෙන් ශාක වල පොහොට්ටු ආරක්ෂා කරගැනීමට විනිවිද පෙනෙන එනම් හොඳින් ආලෝකය ගමන් කරන ඉටි රෙදි ලේයරයක් ඉහලින් යෙදීම සුදුසුයි.

ඊලඟ කාරනාව තමයි ශාකය හොඳින් පරිණත උනත් කොච්චර පොහොර දැම්මත් මල් එන්නෙ නැති එක. මේකට හේතුව ශාකයේ අගිසි පමණ ඉක්මවා මෝරා තිබීමයි. මෙයට විසඳුමක් ලෙස ශාකයේ අගිසි අතු අවශ්‍ය ප්‍රමාණයට කප්පාදු කිරීම සිදු කල හැකිය.

මෙම කප්පාදු කිරීම වැසි කාල වල තරමක් මල් අස්වැන්න අඩුනිසා සිදු කිරීම සුදුසුයි. මෙයට හේතුව පරිණත අග්‍රස්ථ වලට සාපේක්ෂව ලපටි එනම් කප්පාදුවෙන් පසු ලියලන අග්‍රස්ථ වල මල් හටගැනීමේ ප්‍රවනතාව වැඩි වීමයි.

අන්තිම කරුණ විදිහට ක්‍රමානුකූලව පොහොර යෙදීම සලකා බලමු. ශාකය ප්‍රශස්ත මට්ටමින් පරිණත වූ පසු මල් සඳහා වූ විශේෂ පොහොර යෙදිය හැකියි. බෝගන්විලා මල් වගාව සඳහා වූ විශේෂ පොහොර වෙලෙඳපොලෙන් මිලදී ගත හැක. මේ වීඩියෝ එකේ දක්නට ලැබෙන්නේ එම පොහොර වර්ගයයි. මෙම බෝගන්විලා සඳහා වූ විශේෂිත පොහොර විවිධ වෙලෙඳ නාම යටතේ ඇත. පරිණත ශාකයට පොහොර යෙදීමේදී පොහොර සති දෙකකට වරක් යෙදීම සුදුසු අතර පොහොර යෙදීමට අදාල ප්‍රමාණ සහ සියළු විස්තර පොහොර බොක්ස් එකේ පිටුපස මුද්‍රණය කර තිබේ.

Article: Bougainvillea Wagawa
©YouTube.com/GewathuWagawa