මල් හෝර්මෝන

ගොඩක් මල් වවන අයට තියෙන ප්‍රධාන ගැටළුවක් තමයි කොච්චර පාරිසරික සාධක පාලනය කලත්, ඒ වගේම කොච්චර පොහොර දැම්මත් මල් පැලවල මල් එන්නෙ නැත්තෙ ඇයි කියන එක. අද අපි මේ වීඩියෝ එකෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ මල් හොර්මෝන සහ දියරමය මල් පොහොර සමන්ධවයි. බොහෝ හෝර්මෝන ශාක පත්‍ර වලට කෙලින්ම ස්ප්‍රේ කල හැකියි. එමඟින් මල් පැල වල ප්‍රභාසංස්ලේෂණය වේගවත්වී ශාකයේ පෝෂණය ක්‍රමානුකූලවී මල් හටගැනීම වේගවත්වේ.  එමෙන්ම බොහෝවිට විශාල මල් අස්වැන්නක් මෙන්ම මල්වල ප්‍රමාණයද මෙම හොර්මෝන මඟින් වර්ධනය කරගත හැක. උදාහරණයක් ලෙස රෝස මල්වල ප්‍රමාණය වැඩි කිරීමට සහ මල් අස්වැන්න වැඩි කරගැනීමට මෙම රසායනික ස්ප්‍රේ කිරීම සිදු කරයි. මේවා බොහෝවිට හොර්මෝන හෝ දියරමය පොටෑසියම් අධික පොහොර හෝ විය හැකිය.


පලමුවෙන් මම කතාකරන්න යන්නෙ ස්ප්‍රේ හෝර්මෝන සම්බන්ධවයි. මේවා වෙලෙඳපොලේ විවිධ වෙලෙඳ නාම යටතේ ලබාගත හැකියි. නියමිත මාත්‍රාව යෙදීම මඟින් පුෂ්ප වර්ධනය වේගවත් කරන අතර බොහෝ හෝර්මෝන මල් පරවීමද තරමක් ප්‍රමාද කිරීමත් මෙහි ඇති වාසියක්. නමුත් මේවා යෙදීමේදී යොදන ශාක වර්ගය එනම් මල් වර්ගය, ද්‍රාවණයේ pH පරාසය, සහ නිෂ්පාදක සමාගම විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ තොරතුරු පිළිබඳව සැලකිලිමත් වීම ශාක හානි වලක්වා ගැනීමට ප්‍රයොජනවත් වේ. හොඳයි !, දැන් මම හිතනවා ඔයාලට ප්‍රධාන ගැටළුවක් ඇති මොනවද ඒ වෙලෙඳ නාම කියලා. අපි බලමු ඒ මොනවද කියලා සමහර විට ඔයාලා අහලත් ඇති Bloom Yellow Bottles ගැන. ඒගොල්ලන්ගෙ ගොඩක් හෝර්මෝන වෙලෙඳපොලේ විවිධ මල් වර්ග ඉලක්ක කරගෙන විකිණීමට තිබෙනවා. මම මේ වීඩියෝ එකේ ඒගොල්ලන්ගෙ Official Website එක ගැන විස්තර දාලා තියෙනවා. මේ වීඩියෝ එක බලන ඔයාලට පේනවා ඇති ගොඩක් හෝර්මෝන වර්ග මේ Website එකේ අන්තර්ගතයි. ඒ වගේම තමයි මේවා Spray කරන්න කලින් Feed Schedule කියවීම සහ පිළිපැදීම අනිවාර්ය එනවා. මොකද pH අගය සහ මාත්‍රාව වෙනස් වුනොත් ශාකයට හානි වීමක් සිදුවෙන්න පුළුවන්. මේ තියෙන්නෙ එක Brand  Name එකක් විතරයි. තවත් ගොඩක් හෝර්මෝන වර්ග විවිධ වෙලෙඳ නාම යටතේ රෝස, ඕකිඩ් සහ වෙනත් මල් වර්ග සඳහා වෙලෙඳපොලෙන් ලබාගත හැකියි. ඊලඟ අපි බලමු පොටෑසියම් අඩංගු දියරමය පොහොර, විශේෂයෙන්ම රෝස මල් වවන අය දන්නවා ඇති රෝස පැලවල මල් හටගන්න පොටෑසියම් ඉහළ ප්‍රතිශතයක් ඇති පොහොර යෙදීමට සිදු වෙනවා. ඒත් සමහර පොහොර කොච්චර දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. මේකට විසඳුමක් ලෙස මල් වගාව සඳහා පොටෑසියම් අධික දියරමය සංයෝග නිර්දේශ කරන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමා K-40. K-50 ජලයේ දියකර ස්ප්‍රේ ලෙස ශාකයට යෙදීම මඟින් කෙටි කාලයක් තුළ විශාල මල් ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. 


ඒවගේම දියරමය පොටෑසියම් අධික පොහොර විවිධ අනුපාත වලින් විවිධ මල් වර්ග සඳහා නිර්දේශිත පොහොර වෙලෙඳපොලෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම පොහොර ශාකයට හෝ මුල් වලට Spray කිරීමට පෙර Liquor Ratio එක පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්. විශේෂයෙන්ම ඕකිඩ් සඳහා පොහොර යෙදීමේදී ජල ලීටර් එකක ඇති පොහොර ප්‍රමාණය, විශේෂයෙන්ම Parts per million අගය හෝ grams per liter අගය පිළිබඳව සැලකිලිමත් වීම ශාක හානි වලක්වා නිසි ලෙස මල් වර්ධනය කරගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා.

Article: Mal Hormona
©YouTube.com/GewathuWagawa