කැනස් මල් වගාව
අද අපි ගෙවතු වගාව තුලින් කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ සුපිරියටම කැනස් මල් වවන්නෙ කොහොමද කියලා.
කැනස් මල් කියන්නෙ බොහොම විසිතුරු ඒ වගේම විවිධ හැඩයෙන් යුත් මල් ප්‍රභේද සහිත වර්ගයක්. මේ වීඩියෝ එකේ තියෙන්නෙ වර්ග කිහිපයක් විතරයි. හොඳයි අපි බලමු කැනස් කොහොමද හිටවන්නෙ කියලා. විශේෂයෙන්ම මේ ශාකය පඳුරුදාන ශාකයක්. ඒ කියන්නෙ මේක බොහෝ වෙලාවට කෙසෙල් පැල වගේ මුල හෙවත් අල ප්‍රදේශයෙන් තමයි අළුත් පැල එන්නෙ. පිහියක් වගේ තියුණු ආයුධයක් පාවිච්චි කරලා අළුත් පැල වෙන්කර ගන්න පුළුවන්. ඊට පස්සෙ මේක වෙන්කරලා පැල කරගන්න පුළුවන්. මේක සාමාන්‍ය පසෙත් හිටවන්න පුළුවන්. ඒත් ඉක්මනින් මල් සහ අළුත් පැල ලබාගන්න අඩියක් විතර යටට පස් පෙරලලා දිරාපත්වේගෙන යන ශාක පත්‍ර සහ කොලරොඩු එක්ක මතුපිට පස් කලවම් කරලා ඒ මත අළුත් පැල හිටවන්න පුළුවන්. මේක වාසි දෙකක් තියෙනවා. පලවෙනි එක තමයි අළුතින් එන පැල අවම හානියකින් වෙන්කර ගන්න පුළුවන්. ඒ වගේම පොහොර යොදන්නත් ලේසියි. කැනස් වගාවට යොදන පොහොර පිළිබඳව කතා කරද්දි බවර්ගේ නො 10 වගේ සාමාන්‍ය මල් පොහොර විශේෂයක් යොදන්න පුළුවන්. මේක යොදද්දි හතරැස් යාරයකට 60 g ක් පමණ යොදන්න පුළුවන්. පොහොර නැවත යෙදීම සති තුන හතරකට වරක් කිරීම ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් පැලය අඩි 2.5 ත් 4 ත් අතර උසකට වැවුණාම මල් හටගන්නවා. මල් අස්වැන්න වැඩි කරගන්න මේ කාලයේදී පොටෑසියම් අධික පොහොරක් භාවිතා කරන්නත් පුළුවන්.
Article: Cannas Wagawa
©YouTube.com/GewathuWagawa